Friday 12 December 2014

අ.පා‍ෙ.ස(සා.ප‍ෙළ) විභාගය නිසාව‍ෙන් තාවකාලිකව වසා ඇත.

Wednesday 1 October 2014

Ridi pata-රිදි පාට ‍ෙකෙොල පා තුඩු ගිත වීචාරය


රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය. 

ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! 

''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' 

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය. 

''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න'' 

තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය. 

අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

Thursday 2 August 2012

ලාල් වදන් 1



                           මම නම් මේක හරියටම කියන්න දන්නේ නැහැ...නමුත් මම එක දෙයක් කියන්නම් 

    

              ****කොල්ලනි කෙල්ලන්ගේ කොට ගවුමට,ඇ‍ගේ තියලා මහපු කලිසමට කිසිවිටකදි වත් ආදරය කරන්න එපා ඔවුන්ට තිබෙන්නේ රාග චෙතනාවක් පමණයි****

                  ආදරය යනු කුමද්ද?

ආදරය යනු අවබෝධයත් සමඟ ඇරැඹෙන උත්තරීතර හැඟීම් හුවමාරු වීමකි. ආදරය හවුල් ව්‍යාපාරයක්‌ ලෙස ද අප හඳුන්වන්නේ මේ හැඟීම් හුවමාරුව නිසයි. දෙදෙනෙක්‌ එක්‌ව අරඹන මේ ආදර සම්බන්ධතා වලදී දෙදෙනා සිතන පතන ආකාරයත් වෙනස්‌ වන නිසාම හැඟීම් සමග සිදුවන මේ ආදරණීය ගනුදෙනුවේ දී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නන් ආදරවන්තියන්ට සිදුවනවා. දෙදෙනකු අතර ආදරණීය බැඳීම් ගොඩනැගුණු විට ඒ ඒ අයගේ හැසිරීම්, සිතුම් පැතුම් හුරුපුරුදු ආදියත් ආදර සම්බන්ධතා පවත්වා ගෙන යැම කෙරෙහි බලපානවා. ආදරය කරන කාලයේ දී බොහෝa පෙම්වතුන් පෙම්වතියන් තම ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් සියයට සියයක්‌ ආදරය බලාපොරොත්තු වුවත් මෙවැනි නොගැලපීම් නිසා ඒ ආදරය නොලැබෙන්නටත් පුලුවන්. "සිsහින සිතින්ය" තුළින් අද කතා කරන්නේ ආදරයට බලපාන එවැනි පුද්ගල ලක්‍ෂණ කිහිපයක්‌ පිළිබඳවයි.

   මේක මම ගත්තේ https://www.facebook.com/photo.php?fbid=346323118775743&set=a.102035726537818.4401.100001941725357&type=1&theater

ඉතින් පස්සේ දවසක වදනකින් හමු වෙමු....


     
                   

Sunday 15 July 2012

 ආරම්භය =2012-07-25 දින සිට.............

 

                    මම මේ වගේ blog අඩවියක් පටන් ගන්න ප්‍රධාන හේතුව අපි ඉන්නේ පිරිහෙමින් පවතින සමාඡයක ඉතින් මට හිතුනා මගේ හදවත තුල දෝරගලන හැගීම් ඹබට කියන්න.....එහෙනම් ඉතින් පළමු ලිපියෙන්ම හමු වෙමු...